අද අපි මුලින් ම කතා කරන්නේ බ්ලොග් අඩෙවියක් හඳුනාගන්නේ කොහොමද කියන ප්‍රශ්නය. ඒ සමග ම කාර්යක්ෂම ආකාරයට විවිධ පාඨකයින්ගේ විවිධ අවශ්‍යතා අනුව සුදුසු බ්ලොග් අඩෙවි සොයාගෙන, කියවන විවිධ ක්‍රම සහ විධි ගැන කතාබහක්.
ඒ සාකච්ඡාව පටන්ගන්නේ බ්ලොග් අවකාශයේ අගනගරයෙන් - ටෙක්නොරාටි (technorati.com )වෙබ් අඩෙවිය, එහි සෙවුම් යන්ත්‍රය සහ ප්‍රජාව ගැන හැඳින්වීමකින්. විවිධ බ්ලොග් අඩෙවි ඉතා පහසුවෙන් විවිධ විෂය කාරණා අනුව සොයාගන්නත්, කියවන්නත් තවත් අය සමග ඒවා බෙදාහදාගන්නත් පහසුකම් එම අඩෙවියේ තිබෙනවා. ඔබ එහි සැරිසැරුවොත් මේ කෙටි විස්තරයට අමතර විවිධ අගනා සේවා ගණනාවක් දැකබලාගන්න පුළුවන්
Technorati.com
විවිධ විෂයයන් යටතේ ලොව වටා බ්ලොග් – http://technorati.com/blogs/directory/
වඩාත් ජනප්‍රිය බ්ලොග් – http://technorati.com/pop/blogs/
මේ අපේ ටෙක්නොරාටි පිටුව – http://technorati.com/people/technorati/Debasa ඔබත් පිටුවක් හදාගෙන අපවත් එක් කර ගන්න
ඔබේ බ්ලොග් අඩෙවිය අලුත් කළ පසු ටෙක්නොරාටි අඩෙවියට විශේෂයෙන් දන්වන්න මේ පිටුව යොදාගන්න : http://technorati.com/ping/
ඉන් පසු
RSS පිළිබඳ සරල හැඳින්වීමකට පසු ගූගල් කියවනය හෙවත් Google Reader නමැති පෝෂක කියවන ය ගැනත් එමගින් පලදායී ලෙස බ්ලොග් අඩෙවි සංවිධානය කරගෙන කියැවීම් ලැයිස්තුවක් පවත්වාගෙන යාමේ වැදගත්කම ගැනත් අපි කතා කරනවා. මේ තියෙන්නෙ ගූගල් කියවනගේ ඇතුළත.
පහත දැක්වෙන්නේ පෝෂක කියවන කිහිපයක්. මේවාට බ්ලොග් අඩෙවිවලට අමතර ව විවිධ පුවත් සේවා හා නානා ප්‍රකාර වෙබ් අඩෙවිවල rss පෝෂක එකතු කරගත හැකියි :
Google Reader
Bloglines
පෝෂක කියවන ලැයිස්තුවක් (විකිපීඩියා වෙතින්)
විවිධ කියවන එකිනෙක සැසඳීමක්
ඉන් පසු
බ්ලොග් සින්ඩිකේටර - WordPress.com , සිංහල බ්ලොග් කියවනය , කොත්තු සහ අච්චාරු වැනි ස්ථාන.
Firefox බ්‍රවුසරය (මේ රූපයේ කවයකින් වට කොට දක්වා ඇත්තේ rss පෝෂකයක් අදාළ පිටුවට තිබෙන බවට බ්‍රවුසරය අපට දන්වන ස්ථානයයි. ඊතලයෙන් පෙන්වා තිබෙන්නේ පෝෂක කියවනයක් ලෙස බ්‍රවුසරය භාවිත වන අන්දමයි. විශාලය සඳහා රූපය මත ක්ලික් කරන්න)
Google Blog Search සෙවුම් යන්ත්‍රය සහ blog alerts මගින් වඩා පුළුල් ආකාරයෙන් බ්ලොග් සොයාගෙන කියවීම. ඔබ කැමති ඕනෑ ම පදයක් වදනක් හෝ වැකියක් බ්ලොග් අවකාශයේ කොතැනක හෝ ලියැවුණ සැණින් ඒ බව දැන ගැනීමට ගූගල් බ්ලොග් සෙවුම සහ Google Reader භාවිත කරන අන්දම. නිශ්චිත සෙවුම් ප්‍රතිඵලයකට අදාළ rss පෝෂකය කියවනයට එක් කරගත හැකි තැන පහත රූපයේ ඊතලයෙන් දක්වා තිබෙනවා.
අවසාන වශයෙන් Facebook සහ වෙනත් අඩෙවි හරහා බ්ලොග් වැඩිදුරටත් ජාලගත වන අන්දම.
.
අහන්න :
බාගන්න | Download
mp3 ගොනුව 29MB [Right click කොට save as හෝ save link as විධානය දෙන්න]
ogg ගොනුව 12.MB අඩු බර නිකුතුව [Right click කොට save as හෝ save link as විධානය දෙන්න]
ධාවන කාලය මිනිත්තු 32.06
.
Filed under පොඩ් විකාශය , පොඩ්කාස්ට් , බ්ලොග්කරණය , සිංහල , blogging , feeds , podcast , sinhala
Tagged as බ්ලොග් , බ්ලොග්කරණය , blogsearch , feeds , podcast , reader , rss , technorati
Podcast episode 04 – ප්‍රතිචාරාවකාශය : comments ගැන
සාහිත්‍ය.lk ඉදිරිපත් කරන බ්ලොග්කරණ තරගාවලිය නිමිතර කරගෙන බ්ලොග් අවකාශයට පිවිසෙන නවකයන් උදෙසා අප ඇරඹූ වැඩසටහන් පෙළේ අලුත් ම පියවර.
බ්ලොග් අවකාශයේ ප්‍රතිචාර හෙවත් comments ගැන කෙටි වැඩසටහනක්.
ප්‍රතිචාර ලියන්නෙ කොහොමද?
බ්ලොග් අවකාශය තුළ ප්‍රතිචාරකරුවන්ගේ තත්වය.
නිර්නාමිකත්වය, කැතී සියෙරා සිද්ධිය සහ බ්ලොග්කරුවන් සඳහා යෝජනා වූ ආචාරධර්ම පද්ධතිය පිළිබඳ කතා.
Disqus, Intense Debate වැනි ප්‍රතිචාර කළමනාකරණය කිරීමේ පද්ධති
කියවන දෑ බෙදාහදා ගැනීමේ social book marking අඩෙවි
Delicious
Friendfeed සහ Facebook ආදියෙන් ද සැදුම් ලත් ප්‍රතිචාර දැක්වීමේ සංස්කෘතිය.
තවත් විස්තර
අහන්න
බාගන්න | Download
mp3 ගොනුව 14MB [Right click කොට save as හෝ save link as විධානය දෙන්න]
ogg ගොනුව 5.59MB අඩු බර නිකුතුව [Right click කොට save as හෝ save link as විධානය දෙන්න]
ධාවන කාලය මිනිත්තු 15.06
.
1 Comment
Filed under ප්‍රතිචාරාවකාශය, පොඩ් විකාශය, පොඩ්කාස්ට්, බ්ලොග්කරණය, සිංහල, blogging, comments, podcast, sinhala
Tagged as පොඩ් විකාශය, පොඩ්කාස්ට්, බ්ලොග්, බ්ලොග්කරණය, blogs, commentosphere, comments, commeting, podcast