බ්ලොග් අඩෙවියක් යනු කුමක් ද යන ප්‍රශ්නයත් බ්ලොග් අඩෙවිවල ඉතිහාසයෙන් බිඳකුත් සාකච්ඡා කිරීමෙන් මෙවර වැඩසටහන ආරම්භ වෙනවා. බ්ලොග් කියන්නෙ තවත් වෙබ් අඩෙවි විශේෂයක්. ඒත් බ්ලොග් අඩෙවි සාමාන්‍ය වෙබ් අඩෙවිවලින් වෙනස් වෙන්නෙ කොහොම ද? ඒවායේ තිබෙන සුවිශේෂ ලක්ෂණ මොනවා ද?
ඉන් පසු ජෝන් බාගර් මහතාගේ මුල් ම බ්ලොග් අඩෙවිය, ඕපන් ඩයරි, ලයිව් ජර්නල් හා වෙනත් සමාරම්භක බ්ලොග් සේවා හරහා වර්තමාන ස්වරූපයේ බ්ලොග් දක්වා සමාලෝචනයක්. අන්තර්ජාලයේ ලියැවෙන දිනපොතක සිට සංකීර්ණ ලිපි ලේඛන, සාහිත්‍ය කලා නිර්මාණ, පතපොත හා බහුමාධ්‍ය (multimedia) රැගත් අඩෙවි දක්වා බ්ලොග්කරණය.
1997 වසරේ මුලින් ම “වෙබ්ලොග්” (weblog) යන පදය භාවිතයට ගත් ජෝන් බාගර්

මුල් ම බ්ලොග් අඩෙවියෙන් “පිටුවක්” විශාලනය සඳහා රූපය මත ක්ලික් කරන්න :
ඔහුගේ බ්ලොග් අඩෙවියේ ලේඛනාගාරය Robert Wisdom Homepage
එදා බාගර් වෙබ්ලොග් නිර්වචනය කළ හැටි
මුල් ම බ්ලොග් සේවා සමහරක්
Open Diary (1998)
Livejournal (1999)
Blogger.com (1999) පහත තියෙන්නෙ එදා එහි මුල් පිටුව පෙනුණු හැටි!
ඉන් පසු බ්ලොග් අඩෙවියක ස්වරූපය ගැන තවදුරටත් කතා කරන අපි සාම්ප්‍රදායික ජනමාධ්‍ය සහ බ්ලොග් අඩෙවි ගැනත් සැකෙවින් විමසා බලනවා.
BBC, New York Times වැනි ප්‍රකට මාධ්‍ය ආයතන බ්ලොග් අඩෙවි යොදාගන්නා අන්දම. මාධයයක් හැටියට එහි පවතින සංවිධිත බව හා වේගවත් බව.
ප්‍රකාශන අවකාශ හා නිදහස අසීමිතාකාරයෙන් විවෘත වීම හා ප්‍රකාශනයේ, සාහිත්‍යකරණයේ සහ ජනමාධ්‍යකරණයේ ගුණාත්මක වෙනස් වීම.
බ්ලොග්කරණය අපේ සංස්කෘතික ජීවිතයට සහ සංස්ථාවන්ට අනතුරක් ද? ප්‍රතිචාර සහ බ්ලොග් අඩෙවි මත හටගන්නා සංවාද ගැන කිව හැක්කේ කුමක් ද?
අහන්න :
බාගන්න | Download
mp3 ගොනුව 28.9MB [Right click කොට save as හෝ save link as විධානය දෙන්න]
ogg ගොනුව 11 MB අඩු බර නිකුතුව [Right click කොට save as හෝ save link as විධානය දෙන්න]



අදහසක්:
screen shots දානවිට firefox ඒක (හෝ Browser වින්ඩෝව) හා widescreen ලෙසින් පැතිලි බව නැති කරන්නේ නම් වඩා අගනේය.
බ්‍රවුසරයේ කොටස්ද ඉවත් කරනවානම් හොඳයි නේද? එතකොට වඩාත් පැහැදිළියි.
ස්තුතියි, ඒක මේ වතාවේ නිවැරදි කළා
Pingback: උපකාරක අංශය » Blog Archive » බ්ලොග්කරණය ගැන…