Podcast episode 01 – පළමු වැඩසටහන : sahithya.lk සහ වෙනත් කතා

මේ අපේ පළමු වැඩසටහන. අද අපි මුලින් ම කරන්නේ දෙබස පොඩ් විකාශය හඳුන්වා දෙමින් එහි අරමුණු පැහැදිලි කිරීම.  ඉදිරි වැඩසටහන්වලදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ කරුණු කාරණා ද? මේ වැඩසටහනේ පසුබිම කුමක් ද?

ඉන් පසු විශේෂ සාකච්ඡාවක්. මේ අවස්ථාවේ මෙවැනි පොඩ් විකාශයක් නිකුත් කරන්න හේතු වුණේ විශේෂ කාරණයක්. ඒ තමයි කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (icta) සමග එක් ව දියත් කරන්නට යෙදුණු බ්ලොග්කරණය තේමා කරගත් සාහිත්‍ය උළෙල. එයට සමාන්තර ව ඔවුන් බ්ලොග්කරණය, සිංහල යුනිකේතය සහ අන්තර්ජාලගත ප්‍රකාශනය ව්‍යාප්ත කිරීමේ අරමුණින් බ්ලොග්කරණ තරගාවලියක් ද සංවිධානය කරලා.

එනිසා අපි එහි  සංවිධායක කමිටු සාමාජිකයකු වන සුපුන් සුදාරක සමග සම්මුඛ සාකච්ඡාවක් පටිගත කළා.

එහි දී ඔහු සාහිත්‍යය, අන්තර්ජාලය හා බ්ලොග් අවකාශය යා කරමින් අලුතින් ආරම්භ කෙරුණු sahithya.lk වෙබ් අඩෙවිය ගැනත් ඔවුන් සංවිධානය කරන බ්ලොග්කරණ තරගාවලිය ගැනත් විස්තර කරනවා.

ඉතින් මේ තරගාවලිය වටා අලුතින් බ්ලොග් අවකාශයට එක් වන සිසු සිසුවියන් හා ආධුනිකයින් වෙනුවෙන් අපේ දෙබස පොඩ් විකාශයේ ඉදිරි වැඩසටහන් කිහිපයක් ම වෙන් කරන්නයි සූදානම.

ඉදිරි වැඩසටහන් ඔස්සේ බ්ලොග් අඩෙවියක් යනු කුමක්ද, බ්ලොග් අවකාශය, බ්ලොග් පරිශීලනය, බ්ලොග්කරණය හා සාහිත්‍යය, බ්ලොග්කරණය හා ජනමාධ්‍යකරණය, web 2.0 සහ බ්ලොග් අවකාශයේ විවිධ ප්‍රවණතා ආදී මාතෘකා සරල ව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

අහන්න :

බාගන්න | Download

mp3 ගොනුව 31.7MB [Right click කොට save as හෝ save link as විධානය දෙන්න]

ogg ගොනුව 12.8M අඩු බර නිකුතුව [Right click කොට save as හෝ save link as විධානය දෙන්න]

ධාවන කාලය මිනිත්තු 34.40

8 Comments

Filed under පොඩ් විකාශය, පොඩ්කාස්ට්, බ්ලොග්කරණය, සිංහල, blogging, sinhala

8 responses to “Podcast episode 01 – පළමු වැඩසටහන : sahithya.lk සහ වෙනත් කතා

  1. කතා කල යුතු මාතෘකාවක්. ඒ නිසා හරවත් දේ ඉදිරියේදි කරාවි කියලා බලාපොරොත්තු වෙනවා. මගේ සුබපැතුම්.

    පොඩි වරදක් දුටුවා. දෙදෙනාම එකවර කතා කරන්නට යාම් ගොඩක් තිබුනා. එවිට ටිකක් අපැහැදිලියි. ඒවා නිවැරදි කරගන්න පුලුවන් නම් අසන්නන්ට පහසු වෙයි.

    ඊලඟ විකාශය එන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිමි.🙂

  2. Nilmi77

    Good work guys…looking forward to learn…..

  3. මේක නම් ඇත්තටම හොඳ වැඩ සටහනක්… මගෙන් උනුසුම් සුබ පැතුම්.. දිගටම කරගෙන යන්න..

  4. kasun

    good work!
    congratulations!

  5. Pingback: සිංහල බ්ලොග්කරණ තරගාවලිය - මාධ්‍ය සාකච්ඡාව දා… සහ තවත් අතුරු කතා | සුදාරකගේ අන්තර්ජාල සටහන | By Supun S

  6. කාලීන අවශ්‍යතාවක් වී තිබු මෙවැන්නක් ප්‍රමාද වී හෝ දැන්වත් සිදුවීම සතුටට කරුණකි. ඔබලා රටට ආඩම්බරයක් වන්නේය. දිගටම කරගෙන යන්නට සුභාසිරි!

  7. Bernadine Dilshi

    අගය කළ යුතු වැදගත් කටයුත්තක්.. අපි වගේ Blog පිළිබඳ දැනුම අවම මට්ටමක තියන අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඒ ගැන වැඩසටහනේ ආරම්භකයන්ට ස්තූති වන්ත විය යුතුයි. දිගටම මේ සමඟ රැඳී සිටින්න බලාපොරොත්තු වෙනවා. මගේ සුභ පැතුම්..!

  8. ප්‍රවීන් ඉන්ද්‍රනාම, Nilmi77, ඉද්දා, kasun, -බිன்ku-, Bernadine Dilshi, ඔබ සියලු දෙනාගේ ම ප්‍රතිචාරවලට බොහොම ස්තුතියි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s