Tag Archives: පොඩ් විකාශය

Podcast episode 07 – නිහඬතාවයකින් පසුව

දෙබස නැවත වතාවක් ආරම්භ කරන්නට අපි සුදානම් වෙනවා. අවුරුදු 6 ක් පමණ විරාමයකට පස්සේ තමයි නැවත වැඩ සටහනක් අපි පටිගත කලේ. මෙවර අපි කරන්නට බලාපොරොත්තු වන දේ පිළිබදව හැදින්වීමක් මුලීකවම කරන්නට අපි තීරණය කලා. වැඩ සටහනේ හැඩ තලය සහ ඉදිරි සැකැස්ම අපි මුලින්ම සාකච්චාවට බදුන් කලා. දැනට කුමන කාලයට වරක් වැඩ සටහන පල කරනවාද යන්න ගැන නිසි අදහසක් නැහැ. නමුත් අපේ බලාපොරොත්තුව අවම වශයෙන් මසකට වැඩ සටහන් දෙකක් වත් මුදා හැරීමයි.

අහන්න:

Sound cloud වෙතින්

archive.org වෙතින්

බාගන්න | Download

mp3 ගොනුව | ogg ගොනුව

දෙබස පිලිබදව ඔබගේ අදහස් ප්‍රතිචාරයක් ලෙස පහත හෝ podcastdebasa@gmail.com වෙත යොමු කිරීම හෝ සිදු කල හැකියි.

Leave a comment

Filed under announcements, නිවේදන, පොඩ්කාස්ට්, බ්ලොග්කරණය, සිංහල, blogging, podcast, sinhala

Podcast episode 06 – මලින්ත සමරකෝන්: බ්ලොග් කරුවකු සමග සංවාදයක්

මෙවර වැඩ සටහනින් අපි මලින්ත සමරකෝන් සමග සංවාදයක යෙදුණා.

මෙහිදී මලින්ත බ්ලොග් අවකාශයට පිවිසුණු ආකාරය, ඒ සමඟ ඔහුට ඇති අත් දැකීම් සහ තවත් බොහෝ දෑ පිළීබඳව අපි සංවාදයේ නිරත වුණා.

තවද ඔහු මූලිකත්වය ගෙන සිදු කළ wordpress සිංහල පරිවර්තන කටයුත්ත අපේ අවධානයට යොමු වුණා.

මෙහිදී ප්‍රකට මැගි ආච්චි ගේ හෑල්ල බ්ලොග් අඩවිය ගැනත් අපි ඔහුගෙන් විමසා සිටියා.

මලින්ත කියවන බ්ලොග් අඩවි කිහිපයක් තමයි මේ

lifehacker
Gizmodo
engadget
Oddee

අහන්න:


බාගන්න | Download

mp3 ගොනුව 27.2MB [Right click කොට save as හෝ save link as විධානය දෙන්න]

ogg ගොනුව 11MB අඩු බර නිකුතුව [Right click කොට save as හෝ save link as විධානය දෙන්න]

ධාවන කාලය මිනිත්තු 29.43

4 Comments

Filed under පොඩ්කාස්ට්, බ්ලොග්කරණය, සිංහල, blogging, podcast, sinhala

Podcast episode 05 – ඔබේ පළමු පියවර : බ්ලොග් අඩෙවියක් අරඹමු

බ්ලොග් අඩෙවියක් අරඹන්නේ කොහොම ද? blogger.com සමගින් නිදසුනක්.

Microsoft Word හි සිට පවා බ්ලොග් ලියා පළ කළ හැකි පහසුකම් : Blogger for Word

බ්ලොග් අඩෙවියක් ආරම්භ කළ පසු

සිංහලෙන් බ්ලොග්.

ඔබේ පරිගණකයේ සිංහල ස්ථාපනය කරගන්න : සියබස් අඩෙවිය

සිංහලෙන් ටයිප් කිරීම පිළිබඳ වැඩිදුර උපදෙස්

තවත් බොහෝ උපදෙස් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසද වෙබ් අඩෙවියෙන් සහ sahithya.lk වෙතින්.

සෙවුම් යන්ත්‍ර සඳහා වඩා හොඳින් ලිපි ලේඛන හා සටහන් සැකසීමේ වැදගත්කම. නිසි පාරිභාෂික පද හා නිවැරදි අක්ෂර වින්‍යාසය යොදාගැනීමේ වැදගත්කම. ගූගල් නමැති පාඨකයා සඳහා කල් පවත්නා ලිපි ලිවීම.

සාහිත්‍ය.lk, සිංහල බ්ලොග් කියවනය, kottu වැනි බ්ලොග් සින්ඩිකේටර

MyBlogLog, Blog Catalog සහ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වැනි බ්ලොග් ප්‍රජාවන් සහ සමාජ ජාල.

තවත් බ්ලොග් ජාල ලැයිස්තුවක්.

පාසැලකට, අධ්‍යාපන ආයතනයකට හෝ වෙනත් ප්‍රජාවකට සීමා වුණු විශේෂ බ්ලොග් අවකාශ.

මේ සියල්ලට යන වියදම කුමක් ද? බ්ලොග් අඩෙවියක් නිර්මාණය කොට පවත්වාගෙන යාම සඳහා කිසිදු මුදලක් වැය වන්නේ නැහැ. blogger.com, wordpress.com, livejournal.com, blogsome.com වැනි සියලු ප්‍රධාන බ්ලොග් සේවා සපයන්නන් වෙතින් නොමිලේ අංගසම්පූර්ණ බ්ලොග් අඩෙවියක් ලබාගන්නත් පවත්වාගෙන යන්නත් පුළුවන්.

අවසාන වශයෙන් සාහිත්‍ය.lk අඩෙවියේ මාධ්‍ය හමුව පිළිබඳවත් ඔවුන්ගේ බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳවත් සිහිපත් කිරීමක්.

අහන්න :

බාගන්න | Download

mp3 ගොනුව 33MB [Right click කොට save as හෝ save link as විධානය දෙන්න]

ogg ගොනුව 13MB අඩු බර නිකුතුව [Right click කොට save as හෝ save link as විධානය දෙන්න]

ධාවන කාලය මිනිත්තු 36.30

1 Comment

Filed under පොඩ් විකාශය, පොඩ්කාස්ට්, බ්ලොග්කරණය, සිංහල, blogging, podcast, sinhala

Podcast episode 04 – ප්‍රතිචාරාවකාශය : comments ගැන

සාහිත්‍ය.lk ඉදිරිපත් කරන බ්ලොග්කරණ තරගාවලිය නිමිතර කරගෙන බ්ලොග් අවකාශයට පිවිසෙන නවකයන් උදෙසා අප ඇරඹූ වැඩසටහන් පෙළේ අලුත් ම පියවර.

බ්ලොග් අවකාශයේ ප්‍රතිචාර හෙවත් comments ගැන කෙටි වැඩසටහනක්.

ප්‍රතිචාර ලියන්නෙ කොහොමද?

බ්ලොග් අවකාශය තුළ ප්‍රතිචාරකරුවන්ගේ තත්වය.

නිර්නාමිකත්වය, කැතී සියෙරා සිද්ධිය සහ බ්ලොග්කරුවන් සඳහා යෝජනා වූ ආචාරධර්ම පද්ධතිය පිළිබඳ කතා.

Disqus, Intense Debate වැනි ප්‍රතිචාර කළමනාකරණය කිරීමේ පද්ධති

කියවන දෑ බෙදාහදා ගැනීමේ social book marking අඩෙවි

Delicious

Friendfeed සහ Facebook ආදියෙන් ද සැදුම් ලත් ප්‍රතිචාර දැක්වීමේ සංස්කෘතිය.

තවත් විස්තර

අහන්න

බාගන්න | Download

mp3 ගොනුව 14MB [Right click කොට save as හෝ save link as විධානය දෙන්න]

ogg ගොනුව 5.59MB අඩු බර නිකුතුව [Right click කොට save as හෝ save link as විධානය දෙන්න]

ධාවන කාලය මිනිත්තු 15.06

.

1 Comment

Filed under ප්‍රතිචාරාවකාශය, පොඩ් විකාශය, පොඩ්කාස්ට්, බ්ලොග්කරණය, සිංහල, blogging, comments, podcast, sinhala